General Policy
General Policy

දේශීය, පූර්ණ කාලීන, රක්ෂාව කරන තැනම නැවතී සිටින ගෘහ සේවිකාවන්ගේ හිඟයට මුහුණ දීම සඳහා, 1970 වර්ෂයේ සිට විගමනික ගෘහ සේවකයින් (FDHs) ආනයනය කිරීමට රජය අවසර ලබාදී ඇත. මෙම වැඩපිළිවෙළ, රජයේ දේශීය කම්කරු ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාවය දීමේ මූලික මූලධර්මය සමග අනුගාමී වන බැවින් හොංකොංහි සුදුසු දේශීය කම්කරුවන් බඳවා ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙන සේවා යෝජකයින්ට පමණක් කම්කරුවන් ආනයනය කළ හැකිය.

විගමනික ගෘහ සේවකයින් (FDH) සහ ඔවුන්ගේ සේවායෝජකයින්ගේ අරමුණු ආරක්ෂා කිරීම සඳහා රජය විසින් ප්රමිතිගත සේවක ගිවිසුම (SEC) (ID 407 ආකෘතිය) නියම කර ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තොරතුරු සහ සම්බන්ධතා අංශයේ 2 වන මහල, ආගමන සේවය, 7 ග්ලොචෙස්ටර් මාවත, වෙං චායි, හොංකොං යන ස්ථානවල විගමනික ගෘහ සේවකයින් (FDH) සඳහා වීසා අයදුම් කිරීම සඳහා වන අයදුම්පත් ලබා ගත හැකිය.

සේවායෝජකයින්ගේ සහ විගමනික ගෘහ සේවකයින්ගේ (FDH) අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව ක්ෂණික සඳහනක් සැපයීම සඳහා, කම්කරු දෙපාර්තමේන්තුවෙන් "විගමනික ගෘහ සහායකයින් රැකියාවට බඳවා ගැනීමේ ප්‍රායෝගික මාර්ගෝපදේශය - විගමනික ගෘහ සේවකයින් සහ සේවායෝජකයින්ගේ දැන ගත යුතු දෑ" යන්න නිකුත් කර ඇති අතර, විගමනික ගෘහ සේවකයින් හා සේවායෝජකයින් මතු කරන ලද පොදු ප්‍රශ්න කිහිපයක් සඳහා පිළිතුරු එහි සපයා ඇත. කම්කරු නීති සහ සම්මත රැකියා ගිවිසුම යටතේ ඇති අයිතිවාසිකම් හා වගකීම්වලට ප්රචාරක මාධ්ය සහ අදාළ ප්රකාශන ද ඔබට භාවිතා කල හැක.

General Policy picture

විගමනික ගෘහ සේවකයින්ට (FDH) සේවක නීති සම්පාදනය හරහා සපයා ඇති සුරක්ෂිතභාවයට අමතරව,සම්මත රැකියා ගිවිසුමෙහි දක්වා ඇති පරිදි, නොමිලේ නවාතැන් පහසුකම්, නොමිලේ ආහාර සහ නොමිලේ වෛද්‍ය සේවා සැපයීම සිදු කෙරේ. විගමනික ගෘහ සේවකයින්ටහා ඔවුන්ගේ සේවා යෝජකයන්ට නොමිලේ උපදේශනය හා සංහිඳියා සේවාව කම්කරු දෙපාර්තමේන්තුව හරහා සපයනු ලැබේ. (කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු සබඳතා අංශයෙහි කාර්යාලවල සම්බන්ධීකරණ තොරතුරු සහ ලිපි ලේඛන සඳහා මෙතනින් පිවිසෙන්න.) ආරවුල්වල දී, සාමකාමී විසඳුමක් සොයාගත නොහැකි නම්, නඩු විභාගය සඳහා කම්කරු විනිශ්චය සභාව හෝ සුළු සේවක විනිශ්චය මණ්ඩලයට යොමු කරනු ලැබේ.

සේවායෝජකයන් මෙන්ම දේශීය කම්කරුවන්ගේ රැකියා අවස්ථා ආරක්ෂා කිරීම සඳහා අර්ධකාලීන වැඩ කිරීම ඇතුළු වෙනත් රැකියාවක් භාර ගැනීමට හෝ අත්සන් කරන ලද ගිවිසුමේ සඳහන් සේවා යෝජකයන්ගේ ලිපිනයන් හැර වෙනත් ස්ථානයක වැඩ කිරීමට විගමනික ගෘහ සේවකයින්ට (FDH) අවසර නොලැබේ.

විගමනික ගෘහ සේවක (FDH) ගිවිසුම් හා ව්‍යවස්ථාපිත හිමිකම් පිළිබඳ නිතර අසන ප්‍රශ්න සඳහා, කරුණාකර මෙතනින් පිවිසෙන්න.

අදාළ සම්බන්ධය: විගමනික ගෘහ සහායකයින් බඳවා ගැනීම


අවම වැටුප (MAW)

අවම වැටුප (MAW) යනු විගමනික ගෘහ සේවකයින් (FDH) සඳහා ලබා දෙන වැටුප් ආරක්ෂාවයි. සේවායෝජකයන් ගිවිසුම අත්සන් කරන අවස්ථාවෙදී අවම වැටුප (MAW) ට වඩා නොඅඩු වැටුපක් විගමනික ගෘහ සේවකයින් (FDH)ට ගෙවිය යුතුය. මෙය එක් අතකින් සූරාකෑමට එරෙහිව විගමනික ගෘහ සේවකයින් (FDH) ආරක්ෂා කරන අතර ලාභදායී විදේශීය ශ්‍රම බලකායෙන් ඇතිවන තරඟයෙන් දේශීය ශ්‍රමිකයන් ආරක්ෂා කරයි. හොංකොං විශේෂ පරිපාලන රාජ්‍යය විසින් හොංකොංහි සාමාන්‍ය ආර්ථික හා රැකියා තත්ත්වය සැලකිල්ලට ගෙන, මෙම අවම වැටුප (MAW) නිරන්තරයෙන් සමාලෝචනය කරනු ලැබේ.

2023 සැප්තැම්බර් 30 සිට බලපැවැත්වෙන පරිදි, FDHs සඳහා MAW මසකට ඩොලර් $4,870 ක් වන අතර, එය 2023 සැප්තැම්බර් 30 දින හෝ පසුව අත්සන් කරන ලද රැකියා ගිවිසුම් සඳහා අදාළ වේ. පෙර MAW $4,730, 2022 ඔක්තෝබර් 1 සිට 2023 සැප්තැම්බර් 29 දක්වා අත්සන් කරන ලද ගිවිසුම් සඳහා අදාළ වේ.