Engaging an enployment agency
Engaging an enployment agency

සේවක නියෝජිත ආයතන විගමනික ගෘහ සේවකයින් (FDH) බඳවා ගැනීම හෝ රැකියාවක් සොයා ගැනීම හොංකොං විශේෂ ප්‍රාදේශීය පරිපාලන රජය යටතේ අනිවාර්ය නොවුන ද හොංකොං ජනතාවට අතර සුලභ ය.

නමුත් විගමනික ගෘහ සේවකයින් (FDH) ගේ රටවල එවැනි අවශ්‍යතාවයන් තිබිය හැකි අතර ඒවා රටින් රටට වෙනස් විය හැක. රැකියා නියෝජිත ආයතන (EA) හා කටයුතු කිරීමේ තොරතුරු ඇතුලත් කොටස කියවා ඔවුන්ගේ සේවය ලබා ගන්නා අවස්ථාවකදී සැලකිල්ලට ගැනීමට කටයුතු කිරීම දෙපාර්ශවයටම සුදුසු වේ.

Notes for Employers Picture

බලපත්‍ර අවශ්‍යතාවය

හොං කොං හි නීති අනුව සියලුම රැකියා නියෝජිත ආයතන (EA) ඕනෑම රැකියාවකට ස්ථාපනය කිරීමේ කටයුතු ඇරඹීමට පෙර රැකියා ඒජන්සි පරිපාලනය (EAA) වෙතින් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වේ.

රැකියා නියෝජිත ආයතනයක (EA) සේවාවක් භාවිතා කිරීමට පෙර, සේවා යෝජකයන් විසින් එයට වලංගු බලපත්‍රයක් තිබේ දැයි පළමුව පරීක්ෂා කළ යුතුය. හොංකොංහි වලංගු බලපත්‍රයක් සහිත රැකියා නියෝජිත ආයතන (EA) හඳුනා ගැනීම සඳහා ඔබට මෙම වෙබ් අඩවියේ ලබා දී ඇති සෙවුම් යන්ත්‍රය භාවිතා කළ හැකිය. ඔබට කිසියම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය නම් රැකියා ඒජන්සි පරිපාලනය (EAA)අමතන්න.

වලංගු බලපත්රයක් නොමැතිව රැකියා නියෝජිත ආයතනයක් (EA)කටයුතු කරන බවට ඔබ සැකකරන්නේ නම් කරුණාකර රැකියා ඒජන්සි පරිපාලනය (EAA)වෙත පැමිණිලි කරන්න. කම්කරු කොමසාරිස් විසින් නිකුත් කරන ලද බලපත්රය හෝ අධිකාරිය විසින් බලපත්රනොමැතිව කටයුතු කිරීමට අවසර ලබා දී ඇති සහතිකයනොමැති ව මෙහෙයවනු ලබන ඕනෑම පුද්ගලයෙකු ට එරෙහි ව කටයුතු කරනු ලබන අතර, ඩොලර් 350,000 ක උපරිම දඩයක් සහ අවුරුදු 3 ක සිර දඬුවම්.


සේවායෝජකයින්ගේ අවධානයට


Notes for Employers Picture

රැකියා නියෝජිත ආයතනයකට (EA) වලංගු බලපත්‍රයක් ඇති බවට සහතික වීම හැරෙන්නට වෙබ් අඩවි, සාකච්ජා කණ්ඩායම් හෝ ඔබේ මිතුරන් සහ නෑදෑයින්ගේ අදහස් විමසාරැකියා නියෝජිත ආයතනයේ (EA) කීර්තිය පරීක්ෂා කරන්නට ඔබව දිරිගන්වනු ලැබේ.

ඔබගේ අරමුණු ආරක්ෂා කිරීම සඳහා, කිසියම් ගෙවීමක් කිරීමට පෙර, සේවයේ ස්වභාවය, විගමනික ගෘහ සේවකයින් (FDH) සේවයට වාර්තා කිරීමේ දිනය, ආපසු ගෙවීම් හෝ හුවමාරු ප්‍රතිපත්තිය ආවරණය කිරීම, අයිතමගත කිරීම් ගාස්තු, සේවා ආකෘති පත් ආදිය ඇතුළුව තොරතුරු පැහැදිලි කරගෙන රැකියා නියෝජිත ආයතනය (EA) හා එකඟ වන්නැයි උපදෙස් දෙනු ලැබේ. ගෙවීම් කිරීමෙන් පසු රිසිට් පතක් ඉල්ලා සිටින්න.පාර්ශ්වයන් දෙක විසින් අත්සන් කරන ලද සේවා ගිවිසුමක එකඟ වූ කොන්දේසි ලියවිය යුතුය. එකඟ වී ඇති කොන්දේසි වලට ගරු කිරීමට රැකියා නියෝජිත ආයතනය (EA) අසමත් වුවහොත් හෝ එය වෙළඳ විස්තර ආඥාපනතට පටහැනිවේ යැයි සැක කරන්නේ නම්, කරන්නේ නම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පාරිභෝගිකම ණ්ඩලයගේ සහාය ලබාගත යුතුය.


රැකියා සොයන්නන්ගේ අවධානයට

නීතියට අනුව, රැකියා නියෝජිත ආයතනයට (EA) නිර්දේශිත කොමිස් මුදල (සාර්ථක ස්ථාපනය කිරීමකින් පසු ඔබගේ පළමු මාසයේ වැටුපෙන් 10% ක්) හැරෙන්නට ඝෘජු ව හෝ වක්‍රව ඔබෙන් කිසිදු ගාස්තු හෝ වියදම් අය කිරීමක් කල නොහැක. ඔබ ආරක්ෂා කර ගැනීම සඳහා, ඔබ රැකියා නියෝජිත ආයතනයට (EA) කොමිස් මුදල ගෙවීමෙන් පසු රිසිට්පතක් ලබා ගත යුතුය. රැකියා නියෝජිත ආයතනයක් (EA) විසින් අතිරික්තයක් අය කරනු ලැබු බවට සැක කරන ඕනෑම රැකියා අපේක්ෂකයෙකු හැකි ඉක්මනින් ඒ බව රැකියා ඒජන්සි පරිපාලනය (EAA) වෙත වාර්තා කළ යුතුය.


රැකියා නියෝජිතායතන සඳහා පුහුණු නීති සංග්‍රහය

රැකියා නියෝජිත ආයතනයක් (EA) හා සම්බන්ධ වීමට පෙර සේවායෝජකයන් සහ රැකියා අපේක්ෂකයින්, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් අවබෝධ කර ගැනීම සඳහා රැකියා නියෝජිතායතන සඳහා පුහුණු නීති සංග්රහය යොමු කරනු ලැබේ.

Code of Practice for Employment Agencies Picture

රැකියා නියෝජිත ආයතන සම්බන්ධව පුවත්පත් නිවේදන

(චීන/ඉංග්‍රීසි)


රැකියා ඒජන්සි පරිපාලනය (EAA) සම්බන්ධ කරගන්න

රැකියා ආවරණ ආඥා පනත හා / හෝ රැකියා ඒජන්සි රෙගුලාසි වලට පටහැනි බවට සැක කෙරෙන රැකියා නියෝජිත ආයතන (EA) පිළිබඳව රැකියා ඒජන්සි පරිපාලනය (EAA) වහාම විමර්ශන කරයි. එහිදී වැඩි විස්තර සඳහා සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණිලිකරුට පැමිණිය හැකිය. නැතහොත් රැකියා නියෝජිත ආයතනයක් (EA) නීතිය උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බවට තීරණය කරනු ලබන විට, රැකියා ඒජන්සි පරිපාලනය (EAA) විසින් පැමිණිල්ල ඉදිරිපත් කරන්නාට පැමිණිල්ලේ සාක්ෂිය ලෙස, අවශ්‍ය අවස්ථා වලදී කටයුතු කිරීමට ආරාධනා කරනු ඇත.

  • ලිපිනය: Unit 906, 9/F, One Mong Kok Road Commercial Centre, 1 Mong Kok Road, Kowloon
  • දුරකථන: 2115 3667
  • ෆැක්ස්: 2115 3756
  • ඊ-මේල්: ea-ee@labour.gov.hk
  • වෙබ් අඩවිය: www.eaa.labour.gov.hk

රැකියා නියෝජිතයෙකු (ඒජන්සියක්) විසින් නීතිය උල්ලංගන කිරිමක් කර තිබෙන බවට සැකයක් තිබෙ නම් හෝ රැකියා නියෝජිතයන් (එජන්සි) විසින් පිළිපැදිය යුතු නීති සංග්රහ මාලාවන් අනුගමනය නොකරන ලද්දේ නම්, ඔබට පහත දැක්වෙන අන්තර්ජාල ආකෘතික පත්රිකාව සම්පුර්න කර රැකියා නියෝජිතයාට (එජන්සියට) පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටීමට හැක.